ආසියානු කුසලානය ඉන්දියාවට

ශ්‍රී ලංකා කණ්ඩායමට අවමන් සහගත පරාජයක් ගෙන දෙමින් මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්ව තිබේ.

ඒ අද (17) අද පැවැති අවසන් මහ තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 10කින් පරාජය කරමිනි.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු දෙකක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 50ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිම තුළ කුසල් ජනිත් පෙරේරා, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, නායක දසුන් ශානක සහ මතීෂ පතිරණ ලකුණු නොලබාම දැවී ගියේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 17කටත් පැතුම් නිස්සංක ලකුණු 2කටත්, ධනංජය ද සිල්වා ලකුණු 4කටත් දැවී ගිය අතර විශිෂ්ට පන්දු යැවීමක නිතර වු මොහොමඩ් සිරාජ් ලකුණු 21කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුණි.

ඊට අමතරව හර්දික් පාණ්ඩ්‍යා කඩුලු 03ක් සහ ජස්ප්‍රිට් බුම්රා සහ එක් කඩුල්ලක් බිඳ හෙළීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 6යි එක් පන්දුවක් තුළ කිසිවෙකු නොදැවී ලකුණු 51ක් ලබාගනිමින් මෙවර ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වුණි.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »