
ඇප නීති සංශෝධන නව නීති සම්බන්ධයෙන් විපක්ෂය සමග සම්මුතියකට එළඹීමට වික්ටෝරියා ප්‍රාන්ත පාලක ලේබර් පක්ෂ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ප්‍රාන්තය පුරා පැතිර ගිය තරුණ අපරාධ පාලනය සදහා මෙලෙස දෙපාර්ශවයම එකගතාවයකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
වැරදිකරුවන් ඇප මත මුදා හැර සිටින අවස්ථාවලදීත් තවදුරටත් අපරාධවලට සම්බන්ධ වීමේ ප්‍රවණතාවක් පැවතීම හේතුවෙන් පවතින ඇප නිති දැඩි කිරීම මෙහි අරමුණයි.

විශේෂයෙන් බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ චෝදනා ලබා ඇප මත නිදහස් වී සිටින බාලවයස්කරුවන් එම කාලය තුළ යලිත් එවැනි ක්‍රියා සඳහා යොමු වන්නේ නම් ඔවුන් හට ඇප කොන්දේසී දැඩි වනු ඇති.
පවතින ඇප නිති ඇතැම් අවස්ථාවලදී ස්වදේශික ජනතාවට අවාසි සහගත බවට ද චෝදනා එල්ල වනවා.

මේ සම්බන්ධ පණත් කෙටුම්පත් ලබන මස වික්ටෝරියා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අදාළා සංශෝධනයන්ට ද එහිදි අවස්ථාව හිමිවනු ඇති.
මහජන ආරක්ෂාව තර කිරීමේ අරමුණින් පවතින ඇප නීති සංශෝධනය කිරීමට පියවර ගත් බවයි වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් සඳහන් කළේ.