Search

ඔස්ට්‍රේලියානු ජනගහණයෙන් 1/3 ක් ශාරීරික ප්‍රචණ්ඩත්වයකට

වයස අවුරුදු 15 ට වැඩි ඔස්ට්‍රේලියානුවන් අතුරින් මිලියන 1.7 ක් හෙවත් සියයට 8.7 ක් 2021-22 වසරේදී කුමන හෝ ලිංගික හිංසනයකට ලක්වී ඇතැයි තහවුරු කරගෙන තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිකුත් කල නවතම වාර්තාවක දැක්වෙන්නේ ඉන් මිලියන 1.3 ක්ම කාන්තාවන් බවයි.

මන් සියයට 63 ක් පමණ හිංසනයට ලක් කර ඇත්තේ ඔවුන් දන්නා හඳුනන පාර්ශවයන් වෙතින් බවද සඳහන්.

මේ අතර ඔස්ට්‍රේලියානු ජනගහණයෙන් මිලියන 07 ක් හෙවත් 1/3 ක් පමණ සිය ජීවිතයේ කුමන හෝ අවස්ථාවක ශාරීරික ප්‍රචණ්ඩත්වයකට ලක්වී ඇති බවද මෙම සමික්ෂණයේදී හෙළි කරගෙන තිබෙනවා.

ඉන් මිලියන 04 ක් පමණ පුරුෂයන් වීමද විශේෂත්වයක්.

මෙම සිදුවීම් අතුරින් සියයට 74 ක් පමණ වාර්තා වී ඇත්තේ නිවසින් බැහැර ස්ථානයකදී බවටත් සංඛ්‍යාලේඛණ කාර්යාංශය විසින් හෙළි කරගෙන තිබෙනවා.

මේ අතර රාත්‍රී කාලයේ තනියම පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී තමන් ආරක්ෂිත යැයි හැගීයන බවට විශ්වාස කරන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

මෙම සමික්ෂණයට සහභාගී වූවන් අතුරින් කාන්තාවන් මෙන්ම පුරුෂයන්ද සියයට 92 ක් එම ස්ථාවරයෙහි පසුව බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »