ස්වදේශික හඩ ජනමත විචාරණ දිනය ලබන බදාදා ඇඩිලේඩ් හිදී ප්‍රකාශයට

ස්වදේශික ජනතා හඩ ජනමත විචාරණය පැවැත්වෙන දිනය ලබන බදාදා ඇඩිලේඩ් නුවරදී අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් නිවේදනය කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය අද දැනුම් දුන්නා.

සති 06 ක ප්‍රචාරණ කාලසීමාවක් සඳහා ඉඩ සළසමින් බොහෝ දුරට ඔක්තෝබර් 14 වනදා රට පුරා ජනමත විචාරණය පැවැත්වෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මෙම යෝජනාව සම්මත කරගැනීමට සහය වන්නැයි පසුගිය සතියේදී පැවති ලේබර් පක්ෂ සමුලුවේදීත් අගමැතිවරයා විසින් ඉල්ලීමක්ද කරනු ලැබුවා.

අවසන් වරට ඔස්ට්‍රේලියාව තුළදී ජනමත විචාරණයක් පවත්වා තිබුණේ 1999 වසරේදීයි.

ස්වදේශික ජනතාව ඔස්ට්‍රේලියානු ජනගහණයට ඇතුළත් කරගත යුතුද යන්න සම්බන්ධයෙන් 1967 වසරේදී ජනමත විචාරණයක් පවත්වා තිබුණා.

එහි ප්‍රචාරණ කටයුතු ද නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබුණේ දකුණු ඔස්ට්‍රේලියාවේදීයි.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »