
ඔස්ට්‍රේලියාව පුරා සේවකයන්ට වසරකට ලැබිය යුතු ඩොලර් මිලියන 850 ක මුදලක් සේවා යෝජකයන් විසින් ගෙවීම පැහැර හරින බවට නවතම වාර්තාවක් අනාවරණය කරනවා.
Fairwork ඔම්බුඩ්ස්මන් කාර්යාලය විසින් සිදුකල විගණන වාර්තා විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව හෙළිවී ඇත්තේ ව්‍යාපාර 27,000 ක් පමණ විසින් 2009 වසරේ සිට සේවකයන් ලක්ෂ 13 කට පමණ අඩුවෙන් වැටුප් ගෙවා ඇති බවයි.
වැඩිම මුදලක් ගෙවීම පැහැර හැර ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සේවා යෝජකයන් විසින් වන අතර එම මුදල ඩොලර් මිලියන 306 ක්.

වික්ටෝරියා හි ඩොලර් මිලියන 221 ක් / ක්වීන්ස්ලන්ඩ් හි ඩොලර් මිලියන 163 ක් සහ බටහිර ඔස්ට්‍රේලියාවේ ඩොලර් මිලියන 76.5 ක් ලෙස වසරකට වැටුප් අඩුවෙන් ගෙවන බවටයි මෙම වාර්තාව අනාවරණය කරන්නේ.
වැටුප් අඩුවෙන් ගෙවීම අපරාධයක් ලෙස සමස්ත ඔස්ට්‍රේලියාවටම බලපාන පරිදි නීති පැණවීමේ අවශ්‍යතාවය මෙමගින් නැතත් අවධාරණය කෙරෙන බවයි මෙම වාර්තාවෙහි දක්වා ඇත්තේ.
