ක්වන්ටාස් ස්වදේශික හඩට පක්ෂ වෙයි – යානා 03 කට අලුත් ලාංඡනයක්

ස්වදේශික හඩ ජනමත විචාරණයේදී ඊට පක්ෂව සහාය දැක්වීමට ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සිය ගුවන් යානා 03 ක ඊට අදාළ විශේෂ ලාංඡනයක් ප්‍රදර්ශනය කිරීමටයි ඔවුන් සැළසුම් කර ඇත්තේ.

අගමැති ඇන්තනී ඇල්බනීස් සහ ක්වන්ටාස් ප්‍රධාන විධායක නිලධාරි ඇලන් ජොයිස් විසින් අද පෙරවරුවේ සිඩ්නි ගුවන් තොටුපළේදී ඒකාබද්ධව පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු අනාවරණය කෙරුණා.

ස්වදේශික ජනතාවට නිසි අයිතිවාසිකම් ලැබිය යුතුය යන්න දීර්ඝ කාලයක සිට ක්වන්ටාස් සමාගමේ ප්‍රතිපත්තියක් වන බවයි ඇලන් ජොයිස් මෙහිදී කියාසිටියේ.

ඒ හරහා ඔවුන්ගේ සෞඛ්‍යය – අධ්‍යාපන ඇතුලු අයිතිවාසිකම් රැසක් සුරක්ෂිත වන බවයි ක්වන්ටාස් සමාගමේ ස්ථාවරය වන්නේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »