ඔස්ට්‍රේලියා රියදුරු බලපත්‍රයට ප්‍රථමාධාර පුහුණුවද අනිවාර්ය කිරීමේ යෝජනාවක්

ඔස්ට්‍රේලියානු රියදුරු බලපත්‍රය නිකුත් කිරීමේ එක් කොන්දේසියක් ලෙස ප්‍රථමාධාර පුහුණුවද අනිවාර්ය කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ශාන්ත ජෝන් ගිලන් රථ සේවය විසිනුයි එම අදහස ඉදිරිපත් කර ඇත්තේ.

පසුගිය වසර තුළ වැඩිම මාරක රිය අනතුරු වාර්තා වූ ක්වීන්ස්ලන්ඩ් හි ප්‍රාන්ත රජයට ඔවුන් දැනටමත් එම යෝජනාව ඉදිරිපත් කර අවසන්.

රිය අනතුරු මරණවලින් සැළකිය යුතු සංඛ්‍යාවක් ප්‍රථමාධාර භාවිතයෙන් වළක්වාගත හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.

යුරෝපයේ රටවල් 10 ක රියදුරු බලපත්‍රය නිකුත් කිරීමේදී ප්‍රථමාධාර පාඨමාලාවක් හදාරා තිබීම අනිවාර්ය කොන්දේසියක් බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »