සති 06 කදී නවසීලන්ත ජාතිකයන් 15,000 ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ඉල්ලයි

නවසීලන්ත ජාතිකයන් සඳහා ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙල යටතේ සති 06 ක් තුළදී 15,000 කට වැඩි පිරිසක් ඒ සඳහා අයදුම් කර තිබෙනවා.

පසුගිය ජූලි 01 වනදා සිට මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරුණු අතර ඒ අනුව එක් දිනකට 375 කට ආසන්න පිරිසක් එලෙස අයදුම්පත් යොමු කර ඇති බවයි පැවසෙන්නේ.

මෙම අයදුම්පත් අතුරින් සියයට 35 ක් පමණ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වන අතර වික්ටෝරියාවෙන් සියයට 30 ක් සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් සියයට 20 ක් පමණ අයදුම්පත් ලැබී තිබුණා.

මෙම පිරිස අතුරින් 500 කට ආසන්න පිරිසක් දැනටමත් පුරවැසිභාව පරීක්ෂණයද සමත්වී ඇති අතර ඉදිරියේදී උත්සවාකාරයෙන් ඔවුන්ට මෙරට පුරවැසිභාවය පිරිනැමීමට නියමිතයි.

විශේෂ වීසා කාණ්ඩය යටතේ අවම වශයෙන් වසර 04 ක් ඔස්ට්‍රේලියාවේ රැඳී සිට ඇති නවසීලන්ත ජාතිකයන්ට ස්ථිර පදිංචියෙන් තොරවම පුරවැසිභාවය ලබාදීම මේ යටතේ සිදුවනවා.

දැනට විශේෂ වීසා කාණ්ඩය යටතේ ඔස්ට්‍රේලියාව තුළ සිටින නවසීලන්ත ජාතිකයන් 350,000 කට පමණ ස්ථිර පදිංචිය ලබාගැනීමෙන් තොරව සෘජුවම පුරවැසිභාවය ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇති.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »