NSW රාජ්‍ය සේවක උපරිම වැටුප් සීමාව ලබන මාසයේ සිට ඉවතට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ රාජ්‍ය සේවකයන් සඳහා දැනට බලාත්මක උපරිම වැටුප් සීමාව ඉවත් කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය ඇතුලු අත්‍යවශ්‍ය සේවා රැසක දැනට පවතින සේවක හිගය මගහරවාලීමේ අරමුණ ඇතිවයි ලබන මාසයේ සිට මෙම උපරිම වැටුප් සීමාව ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම ලබන වසරේ සිට සේවක වැටුප් සියයට 4.5 කින් ඉහළ දැමීමටත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සැළසුම් කර තිබෙනවා.

ඒ සඳහා ඩොලර් මිලියන 600 ක පමණ අමතර පිරිවැයක් දැරීමට සිදුවනු ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

දැනට නිවු සවුත් වේල්ස් හි පවතින නීතිට අනුව ලබාදිය හැකි උපරිම වැටුප් වැඩි කිරීම් ප්‍රතිශතය සියයට 2.5 ක්.

පසුගිය මාර්තු මස පැවති ප්‍රාන්ත මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුවක් අනුවයි මෙම වැටුප් වැඩිකිරීම සිදුකර ඇත්තේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »