ළමා අපචාරකයන්ට රැකියා දෙන අයට දකුණු ඔස්ට්‍රේලියාවෙන් දැඩි නීති

ළමා අපචාරවලට සම්බන්ධ පුද්ගලයන් බව දැනුවත්ව ඔවුන්ට රැකියා සපයන තැනැත්තන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

විශේෂයෙන් කුඩා ළමුන් සමග සම්බන්ධවන සේවා සඳහා එවැනි පුද්ගලයන් යෙදවීමේදී තවත් දඩුවම් ඉහළ දැමෙනු ඇති බවද සඳහන්.

අන්තර්ජාලය ඔස්සේ ළමා අපයෝජන සිද්ධියකට සම්බන්ධ චූදිතයෙකු ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක තනතුරකට පත් කිරීමේ සිදුවීමක් මීට මුල් වී තිබෙනවා.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජයේ යෝජනාව සම්බන්ධයෙන් වෘත්තීය සමිතිද ප්‍රසාදය පළකර තිබෙනවා.

කෙසේවෙතත් මහජන අදහස් විමසීමකින් අනතුරුව අවසාන තීරණයක් ගත යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »