සෙනසුරාදා Matildas තරගය නැරඹුම් වාර්තා බිඳහෙළයි

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඔස්ට්‍රේලියානුවන් වැඩිම පිරිසක් සජීවීව නරඹන ලද වැඩසටහන බවට පසුගිය සෙනසුරාදා පැවති කාන්තා පාපන්දු ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියා – ප්‍රංශ තරගය පත්වී තිබෙනවා.

මිලියන 3.69 ක පිරිසක් රූපවාහිනිය ඔස්සේද 472,000 කට ආසන්න පිරිසක් අන්තර්ජාලය ඔස්සේද තරගය නරඹා ඇති බව සඳහන්.

ඒ අනුව සමස්තයක් ලෙස මිලියන 4.17 ක පිරිසක් පෙරේදා පැවති තරගය සජීවීව නරඹා ඇති බවයි වාර්තා වන්නේ.

ලබන බදාදා පැවැත්වෙන ඔස්ට්‍රේලියා – එංගලන්ත කාන්තා පාපන්දු අවසන් පූර්ව තරගයේදී මෙම වාර්තාව බිඳ වැටෙනු ඇති බවටද අනාවැකි පළවනවා.

මෙවර කාන්තා පාපන්දු ලෝක කුසලානයේ අවසාන මහා තරගය ඔස්ට්‍රේලියානු කාන්තා පාපන්දු කණ්ඩායම විසින් ජයගතහොත් මුලු රටටම නිවාඩු දිනයක් ලබාදෙන බවටයි අගමැති ඇන්තනී ඇල්බනීස් පොරොන්දු වී ඇත්තේ.

කෙසේවෙතත් ඒ සඳහා නැෂනල්ස් පක්ෂය ඇතුලු පාර්ශව කිහිපයක් විසින් දැඩි විරෝධයක්ද පළකර තිබෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »