Search

Woolworths පාරිභෝගිකයාට ලැබුණු විස්මිත සටහන..

woolworths

Woolworths පාරිභෝගිකයාට ලැබුණු විස්මිත සටහන..

Woolworths හි පාරිභෝගිකයෙකු විසින් මෑතකදී ලබා දුන් ගෘහස්ථ ඇණවුමක් සමග පුදුම සහගත සටහනක්  ලැබුණු බව හෙළි කර තිබේ. ෆේස්බුක් හි සිය අත්දැකීම් බෙදාහදා ගනිමින් මෙල්බර්න් පාරිභෝගික ෂරොන් විස්තර කළේ ඇගේ ඇණවුම සමග වර්ණවත් අත් අකුරින් කුඩා සටහනක් හමුවූ බවයි.

ඇයගේ උපන්දින සාදයේ සැරසිලි සහ සැපයුම් කිහිපයක් ෂරොන් විසින් ඇණවුම් කර ඇති බව දුටු Croydon Woolworths  කණ්ඩායම තම හිතවත් පාරිභෝගිකයාට  සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමින් තම අත් අකුරින්ම සුභ පැතුම් පණිවිඩයක් සටහන් කර ඇත.

එම සටහනේ මෙසේ සඳහන් විය: “සුභ උපන්දිනයක්! ඔබට සුපිරි දවසක් ඇතැයි සිතමි! ක්‍රොයිඩන් ඔන්ලයින් කණ්ඩායමේ ආදරයෙන්. ”

 මෙම අනපේක්ෂිත සටහන ෂරෝන් විස්මයට පත් කල අතර එය මෙතෙක් ඇය ලද සරලම, නමුත් කාරුණික සුභ පැතුමක් බව මුහුණු පොතේ සටහන් කර ඇත. ඉතාමත් කුඩා වෙනසකින් තම  පාරිභෝගියකු මෙතරම් සතුටට පත් කිරීමට හැකි වීම ගැන සතුටට පත් වන බව Woolworths හි ප්‍රකාශකයෙකු සඳහන් කලා.

(7News) 

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »