රිය අනතුරු මරණ වැඩිවීමේ ඉහළම ප්‍රතිශතය වික්ටෝරියා ප්‍රාන්තයෙන්

පෙර වසරට සාපේක්ෂව ගතවූ මාස 12 තුළදී රිය අනතුරු මරණ සංඛ්‍යාව වැඩිවීමේ ඉහළම ප්‍රතිශතය වික්ටෝරියා ප්‍රාන්තයෙන් සටහන් වී තිබෙනවා.

ජූනි 30 වනදායින් අවසන් වූ මාස 12 තුළදී වික්ටෝරියාවෙන් රිය අනතුරු මරණ 275 ක් වාර්තා වී ඇති අතර එය පෙර වසරට වඩා සියයට 13.2 ක ඉහළ යාමක්.

සංඛ්‍යාත්මකව වැඩිම රිය අනතුරු මරණ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් සටහන් වී ඇත්තේ 317 ක් ලෙසයි.

එය පෙර වසරට වඩා සියයට 12.8 ක ඉහළ යාමක් ලෙස වාර්තා වනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් මරණ 271 ක් වාර්තා වුවද එය පෙර වසරට වඩා සියයට 7.2 ක අඩුවීමක් වීම විශේෂත්වයක්.

සමස්තයක් ලෙස මුලු ඔස්ට්‍රේලියාවන්ම පසුගිය මාස 12 තුළදී රිය අනතුරු මරණ 1,205 ක් වාර්තා වන අතර එය පෙර වසරට වඩා සියයට 3.2 ක ඉහළයාමක් වනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට අමතරව රිය අනතුරු මරණ අඩුවී ඇත්තේ ටස්මේනියා – ACT සහ Northern Territory යන ප්‍රාන්තවල පමණයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අභියෝගයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »