ප්‍රධාන නගර 03 ක තෝරාගත් කොමන්වෙල්ත් බැංකු කවුන්ටරවලින් මුදල් ගැනීම අත්හිටුවයි

මෙල්බන් – බ්‍රිස්බන් සහ සිඩ්නි නගරවල තෝරාගත් බැංකු ශාඛා කිහිපයක කවුන්ටර මගින් මුදල් ලබාගැනීමේ පහසුකම් අත්හිටුවීමට කොමන්වෙල්ත් බැංකුවද තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් ඒ ටී එම් යන්ත්‍ර හරහා මුදල් තැන්පත් කිරීමට මෙන්ම ආපසු ගැනීමට තවදුරටත් අවස්ථාව පවතිනු ඇති.

කුමන බැංකු ශාඛාවල මෙම සංශෝධනය ක්‍රියාත්මක කරන්නේ දැයි කොමන්වෙල්ත් බැංකුව විසින් මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ.

ඉලෙක්ට්‍රොනික ගණුදෙනු ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිව මෙම පියවර ගන්නා බවයි කොමන්වෙල්ත් බැංකුව නිවේදනය කර සිටින්නේ.

ANZ බැංකුවද මේ හා සමාන ක්‍රියාමාර්ගයක් දැනටමත් අනුගමනය කරමින් සිටිනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »