
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයෙන් ඉවත්වීම වික්ටෝරියා රජයට ඉතා අසීරු වනු ඇති බවට මත පළවනවා.
ඇතැම්විට ඩොලර් බිලියන ගණනක වන්දියක් පවා පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා සම්මේලනයට ගෙවීමට ඔවුන්ට සිදුවනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
කිසියම් රටකට හෝ ප්‍රාන්තයකට සත්කාරකත්වය ලබාදුන් පසු එය වෙනත් පාර්ශවයක් වෙත පිරිනැමීම සරළ ක්‍රියාදාමයක් නොවන බවයි 2018 ගෝල්ඩ් කෝස්ට් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බීටි අවධාරණය කරන්නේ.

ඩොලර් බිලියන 07 ක් වැනි අධික පිරිවැයක් දැරීමට සිදුවීම හමුවේ 2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල් සත්කාරකත්වයෙන් ඉවත්වන බව වික්ටෝරියා ප්‍රාන්ත රජය ඊයේ නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා.
පළමුවෙන් ඩොලර් බිලියන 2.6 ක් ලෙස පිරිවැය තක්සේරු කර තිබූ නමුත් මේ වනවිට එය 03 ගුණයකින් පමණ වැඩිවී ඇති බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ.

මෙතෙක් වෙනත් කිසිදු රටක් එහි සත්කාරකත්වය වෙනුවෙන් ඉදිරිපත් වී නොමැති අතර තමන්ද ඊට සූදානම් නැතැයි නවසීලන්තය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
පවතින වාතාවරණය හමුවේ 02 වන ලෝක යුද්ධයෙන් පසු පළමු වරට පොදුරාජ්‍ය්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක් අවලංගු වීමේ අවධානමක්ද මේ අනුව නිර්මාණ වී ඇතැයි ක්‍රීඩා විද්වතුන් පෙන්වා දෙනවා.