ඉවත ලන ආහාර නිසා සෑම ඔස්ට්‍රේලියානුවෙකුටම $ 2,000 – 3,000 ක වියදමක්

ඉවත ලන ආහාර හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානුවෙකුටම වසරකට ඩොලර් 2,000 ත් 3,000 ත් අතර මුදලක් වැය වන බව නවතම සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

වසරකට ආහාර ටොන් මිලියන 7.6 ක් පමණ ඉවත දැමෙන අතර ඒ අනුව වසරකදී එක් ඔස්ට්‍රේලියානුවෙකු විසින් ඉවත දමන ආහාර ප්‍රමාණයෙහි සාමාන්‍යය කිලෝ 312 ක්.

මෙම සමස්ත ආහාරවල වටිනාකම ඩොලර් බිලියන 36.6 ක් පමණ වන බවටයි තක්සේරු කර ඇත්තේ.

ලොව ආහාර ඉවතලන ප්‍රමුඛතම රටක් ලෙසටද මේ අනුව ඔස්ට්‍රේලියාව නම් කර තිබෙනවා.

ආහාර ඉවත දැමීමට ප්‍රධානම කරුණක් ලෙස හඳුනාගෙන ඇත්තේ නිසි ප්‍රමාණය ඉක්මවා මිළදී ගැනීම් සහ ඇසුරුම්කරණ ගැටලු යි.

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »