Vape භාවිතකල NSW 06 ක් දින 08 කදී රෝහල්ගතවීම ගැන විමර්ශනයක්

ජූනි මාසයේ අවසන් සතියේ දින 08 ක් තුළදී ඉලෙක්ට්‍රොනික දුම්වැටි භාවිතයෙන් ඇතිවූ සංකූලතා හමුවේ තරුණයන් 06 දෙනෙකු රෝහල්ගතවීම සම්බන්ධයෙන් නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය බළධාරීන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

වමනය – සිහි මූර්ජා වීම ඇතුලු රෝග ලක්ෂණ කිහිපයක් ඔවුන් වෙතින් දැකගත හැකිවූ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත්තේ.

මෙම e-දුම්වැටි තුළ නිකොටීන් අඩංගු වන්නට ඇති බවටද සැක මතුවී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු නීතියට අනුව සාමාන්‍ය සිල්ලර වෙළඳසැල්වල අලෙවි කරන e-දුම්වැටි තුළ කිසිදු ආකාරයකින් නිකොටීන් අඩංගු කිරීම නීති විරෝධී වනවා.

එවැන්නක් මිළදී ගැනීමට නම් වෛද්‍ය අනුමැතියද අනිවාර්යයි.

එමෙන්ම මෙරට නීතියට අනුව වයස අවුරුදු 18 ට අඩු කිසිවෙකුට ඉලෙක්ට්‍රොනික දුම්වැටි අලෙවියද සම්පූර්ණයෙන් තහනම් වනවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »