වියදම් අඩු කරගන්න ඔස්ට්‍රේලියානුවන් කලින් නින්දට – ස්නානයත් අඩු කරයි

ආර්ථික මට්ටමින් වඩාත්ම පහළ සිටින ඔස්ට්‍රේලියානුවන් අතුරින් 2/3 ක් පමණ නියමිත කාලසීමාවේදී බිල් ගෙවාගත නොහැකි තත්වයකට පත්ව ඇති බව හෙළිකරගෙන තිබෙනවා.

එමෙක්ම සියයට 25 ක් පමණ ශීත සෘතුවේ නිවාස උණුසුම් කිරීමේ (heating) වියදම් කපා හැර ඇති බවද සියයට 60 කට ආසන්න පිරිසක් සනීපාරක්ෂක වියදම් අඩු කර ඇති බවද සඳහන්.

ඒ අනුව ඇතැම් ඔස්ට්‍රේලියානුවන් විසින් දෛනික ස්නාන කාලය විනාඩි 03 කට සීමා කර ඇති බවයි නවතම සමීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ.

1/3 ක් පමණ විදුලිය ඉතිරිකර ගැනීමේ අපේක්ෂාවෙන් කලින් නින්දට යන බවත් ඒ සමාන පිරිසක් නිවසට මිතුරන්ට ආරාධනා කිරීමෙන් වැළකී සිටින බවත් මෙහිදී හෙළිකරගෙන වී තිබෙනවා.

මේ අතර මූල්‍ය සහය වැඩි වශයෙන් අපේක්ෂා කරන පිරිස් වෙනුවෙන් හෙට දිනය වනවිට ඩොලර් මිලියන 37 ක මුදලක් එක්රැස් කර අවසන් කිරීමට ගලවා ගැනීමේ හමුදාව (salvation army) කටයුතු කරමින් සිටිනවා.

SOURCE : https://www.9news.com.au/national/cost-of-living-updates-two-thirds-of-vulnerable-australians-unable-to-pay-bills-on-time-amid-costofliving-crisis/b1d01d1f-edb5-42b0-973b-422fd41037cb

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »