
ශ්‍රී ලංකා සම්භවයක් සහිත කාන්තාවක් වන තුෂාරා විලියම්ස් ට කැනඩා රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිමිව තිබේ.
පසුගිය 19 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, තුෂාරා විලියම්ස් කැනඩා රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් කර ඇත.
කැනඩා රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවූ ශ්‍රී ලංකා සම්භවයක් සහිත ප්‍රථම කාන්තාව තුෂාරා විලියම්ස් වේ.

තුෂාරා විලියම්ස් කොළඹදී උපත ලබා ඇති අතර ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය කොළඹ කාන්තා විද්‍යාලයෙන් හදාරා ඇත.
තුෂාරා විලියම්ස් 1991 වසරේ දී කැනඩාවට සංක්‍රමණය වී ඇති අතර ඇය කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය මෙන්ම ගෝලීය සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇත.

ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව කෙටි කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය සේවය කර තිබේ.