කොවිඩ් දඩ වර්ගවාදී චෝදනාවට VIC පොලිසියෙන් උත්තර

කොවිඩ් දඩ නියම කිරීමේදී වර්ගවාදී අයුරින් කටයුතු කල බවට එල්ල වන චෝදනා වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය ප්‍රතික්ෂේප කරනවා.

ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිළධාරී විසින් දුන් නියෝග අනුව 2020-2021 කාලසීමාවේදී කොවිඩ් රෙගුලාසි කඩකල බවට නිරීක්ෂණය වූ සියල්ලන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

තමාට එරෙහි දඩය අසාධාරණ යැයි හැගී යන ඕනෑම අයෙකුට Fines Victoria හරහා අභියාචනයක් ගොණු කිරීමේ හැකියාව පවතින බවද වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය දන්වා සිටිනවා.

කොවිඩ් වසංගත සමයේ දඩ නියම කිරීමේදී අප්‍රිකානු සහ මැද පෙරදිග පෙනුමක් ඇති පුද්ගලයන්ට සෙසු ප්‍රජාවන්ට වඩා 04 ගුණයක් වැඩියෙන් දඩ පත්‍රිකා නිකුත් කර ඇති බවයි ස්වාධීන ආයතනයක් ඊයේ අනාවරණය කලේ.

වික්ටෝරියා හි ඇතැම් ප්‍රදේශවල සුදු සමක් සහිත ඔස්ටේ්‍රලියානුවන්ගේ ප්‍රතිශතය ඉහළ අගයක පැවතියද ඔවුන්ට දඩ නියම කිරීම් සිදුවී ඇත්තේ ඉතා අවම ප්‍රතිශතයකින් වීම ගැටලූ සහගත බවයි ඔවුන් අවධාරණය කර තිබුණේ.

කොවිඩ් වසංගතය දරුණුතම අවධිය පැවති 2020 වසරේදී වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විසින් දඩ පත්‍රිකා 37,405 ක් නිකුත් කර තිබුණා.

ඉන් සියයට 20 කට වැඩි ප්‍රමාණයක් නිකුත් කර ඇත්තේ අප්‍රිකානු සහ මැද පෙරදිග පෙනුමක් ඇති පුද්ගලයන්ටයි.

කෙසේවෙතත් ජනගහණය ඔවුන්ගේ ප්‍රතිශතය සටහන් වන්නේ සියයට 05 ක් ලෙසයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »