ඔස්ට්‍රේලියාව තුළ Online සූදු දැන්වීම් වසර 03 ක් තුළ තහනම් කල යුතු බවට යෝජනා

ඔස්ට්‍රේලියාව තුළ ඔන්ලයින් සූදු දැන්වීම් වසර 03 ක් ඇතුළත තහනම් කල යුතු බවට වන යෝජනාවක් ෆෙඩරල් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කරුණු සමාලෝචනයට පත්කල කමිටුව විසින් නිර්දේශ 31 ක් ඉදිරිපත් කර ඇති බවයි අද පාර්ලිමේන්තුවේදී සභාගත කෙරුණු වාර්තාවේ සඳහන් වන්නේ.

සූදූ ක්‍රීඩාවේදී ලොව දරුණුතම පරාජිතයන් මෙන්ම අන්තර්ජාල සූදූ ක්‍රීඩා සඳහා වැඩිම කාලයක් වැය කරනුයේ ඔස්ට්‍රේලියානුවන් බව එහි අන්තර්ගතයි.

අන්තර්ජාල සූදූ ක්‍රීඩාවලදී නව බද්දක් අය කිරීම – ජාතික මට්ටමේ නියාමනයක් සිදු කිරීම – ඔම්බුඩ්ස්මන් කාර්යාලයක් ස්ථාපිත කිරීම සහ මහජන දැනුවත් කිරීම් වැඩසටහන් සිදුකිරීම ද අදාළ නිර්දේශ අතරට අයත් වනවා.

වීඩියෝ සහ අන්තර්ජාල ක්‍රීඩා හරහා ළමුන් සූදූ ක්‍රීඩා වෙනුවෙන් පොළඹවා ගැනීම් නතර කිරීමට පියවර ගත යුතු බවටත් යෝජනා කර තිබෙනවා.

නීති විරෝධී සූදූ වෙබ් අඩවි හඳුනාගත් වහා තහනම් කිරීමද ප්‍රධාන නිර්දේශයක්.

එමෙන්ම ප්‍රධාන ක්‍රීඩා ඉසව්වලදී සිදු කෙරෙන සූදූ ක්‍රීඩා ප්‍රචාරණයන් නතර කිරීමද පාර්ලිමේන්තුව කමිටුව ඉදිරිපත් කල යෝජනා අතර වනවා.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »