Search

ඔස්ට්‍රේලියාවේ පුද්ගලික ණය එකතුව $ බිලියන 70 පනී

ඔස්ට්‍රේලියාවේ සමස්ත ණය හිමියන් විසින් ගෙවීමට ඉතිරිව පවතින පුද්ගලික ණය ප්‍රමාණය ඩොලර් බිලියන 70 කට ආසන්න බවට තක්සේරු කර තිබෙනවා.

Finder ආයතනය විසින් සිදුකර ඇති සමීක්ෂණයකට අනුව සෑම ණය හිමියෙකු විසින්ම ගෙවීමට පවතින ණය මුදලෙහි සාමාන්‍යය ඩොලර් 20,238 ක් ලෙසිනුයි සටහන් වන්නේ.

කෙසේවෙතත් වසරකට පෙර එම අගය පැවතී ඇත්තේ ඩොලර් 18,000 ක සීමාවේයි.

මේ වනවිට සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකු විසින් සිය මෝටර් රථය සඳහා ඩොලර් 11,370 ක් – පුද්ගලික ණය ලෙස ඩොලර් 6,920 ක් සහ ක්‍රෙඩිට් කාඩ් ණය ලෙස ඩොලර් 1,948 ක් ගෙවීමට පවතින බවටයි තක්සේරු කර ඇත්තේ.

ජීවන වියදම ඉහළයාමත් සමග බොහෝ ඔස්ට්‍රේලියානුවන් විසින් buy-now-pay-later සේවා සඳහා යොමුවීම ඉහළ ගොස් ඇති බවද Finder ආයතනය නිකුත් කර ඇති වාර්තාවෙහි අන්තර්ගතයි.

දැනට මෙරට ජනතාව අතුරින් සියයට 54 ක් පමණ ක්‍රෙඩිට් කාඩ් භාවිත කරන බවද මෙහිදී හෙළිකරගෙන තිබෙනවා.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »