Search

ඔස්ට්‍රේලියාවේ බට්න් බැටරි නිෂ්පාදන අතුරින් 1/3 ක් නිසි ප්‍රමිතියට නෑ

බට්න් බැටරි යොදාගෙන නිෂ්පාදනය කර ඇති ඔස්ට්‍රේලියාවේ අලෙවි කරන නිෂ්පාදන අතුරින් 1/3 ක් පමණ නිසි ප්‍රමිතියට යටත් නොමැති බවට අනාවරණය වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විසින් සිදුකර ඇති නවතම සමීක්ෂණයකදීයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

බට්න් බැටරි සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව තුළ නව නීති මාලාවක් ක්‍රියාත්මක වීම ආරම්භ කෙරුණේ පසුගිය වසරේ ජූනි මාසයේ සිටයි.

ඒ අනුව වසරක් අවසානයේදී සිදුකල සමාලෝචනයකදී අනාවරණ වි ඇත්තේ බට්න් බැටරි යොදාගෙන ඇති නිෂ්පාදන අතුරින් සියයට 33 ක පමණ නිසි ආරක්ෂණ ක්‍රම අනුගමනය කර නොමැති බවයි.

විශේෂයෙන් එවැනි බැටරියක් කුඩා දරුවෙකුගේ උගුරේ සිරවුවහොත් ඇතැම්විට මරණය පවා සිදුවිය හැකි බවද සඳහන්.

සාමාන්‍යයෙන් මාසයකදී මෙවැනි සිදුවීම් 04 ක් පමණ වාර්තා වන බවත් ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම අනාවරණය කර සිටිනවා.

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

$65000ක නත්තල් බෝනස් දෙන්න ඔස්ට්‍රේලියානු සමාගම

ඔස්ට්‍රේලියානු සමාගමක් ඩොලර් බිලියන 24ක ආදායම් වාර්තාවකින් පසු කම්කරුවන් සඳහා ඩොලර් 65000ක ප්‍රසාද දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »