ඔස්ට්‍රේලියා බැංකු ශාඛා වසා දැමීමේදී නව නීති

බැංකු ශාඛා වසා දැමීම සම්බන්ධ නීති රෙගුලාසි දැඩි කිරීමට ඔස්ට්‍රේලියානු බැංකු සම්මේලනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ලබන ජූලි 01 වනදා සිට කිසියම් බැංකු ශාඛාවක් වසා දැමීමට අවශ්‍ය නම් පිළිගත හැකි හේතුවක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වනු ඇති.

එමෙන්ම අදාළ බැංකු ශාඛාව වසා දැමීමත් සමග ගණුදෙනුකරුවන්ට සිය සේවා අපහසුතාවයකින් තොරව ඉටු කරගත හැකි විකල්ප ක්‍රමවේද ද ඔවුන් පැහැදිලි කල යුතුයි.

එමෙන්ම කිසියම් බැංකු ශාඛාවක් වසා දැමීමට නිශ්චිත කාලයකට පෙර ගණුදෙනුකරුවන් දැනුවත් කිරීමත් අනිවාර්ය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ බැංකු ශාඛා වසා දැමීම් හමුවේ විශේෂයෙන් දුෂ්කර ප්‍රදේශවල පදිංචිකරුව්ට දැඩි බලපෑම් එල්ලවී ඇති බවටද පසුගියදා අනාවරණයක් සිදුකෙරුණා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »