Woolworths මුදල් කවුන්ටර අසළින් චොකලට් ඉවතට

කුඩා දරුවන් ඉලක්ක කර මුදල් ගෙවීමේ කවුන්ටර අසල අලෙවියට තබා ඇති චොකලට් ඇතුලු රසකැවිලි එම ස්ථානවලින් ඉවත් කිරීමට Woolworths සුපිරි වෙළඳසැල් ජාලය තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවට Nut bars- පොප්කෝන් සහ Cereal නිෂ්පාදන වැඩි වශයෙන් එම ස්ථානවල අලෙවියට තැබීමටයි නියමිතව ඇත්තේ.

කෙසේවෙතත් රසකැවිළි ඉතා සීමිත ප්‍රමාණයක් අඩංගු පෙට්ටියක් තවදුරටත් මුදල් කවුන්ටර අසල ප්‍රදර්ශනයට තැබෙනු ඇති.

Woolworths පවසන්නේ කුඩා දරුවන් සෞඛ්‍ය සම්පන්න ආහාර කෙරෙහි වැඩි වශයෙන් යොමු කරවීම ඉලක්ක කරගෙන මෙම පියවර ගන්නා බවයි.

පැණි රස ආහාර වැඩි වශයෙන් පරිභෝජනය හමුවේ ඔස්ට්‍රේලියානුවන්ගේ ස්ථුලතාවය ඉහළයාම සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවද ඔවුන් සඳහන් කලා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »