ක්වීන්ස්ලන්ඩ් හි සුනඛයන් වර්ග 05 ක් බෝ කිරීම තහනම් කරන්න යයි

සුනඛයන් වර්ග 05 ක් බෝ කිරීම වළක්වාලමින් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය විසින් නව නීතියක් සම්මත කර ගැනීමට සූදානම් වනවා.

අතිශය ජනප්‍රිය සුනඛයන් විශේෂයක් වන පිට්බුල් ටෙරියර් ඇතුලු වර්ග 05 ක් මේ අතර වනවා.

මෑතකාලීනව ක්වීන්ස්ලන්ඩ් හි සුනඛ ප්‍රහාරවලට ලක්වීමෙන් සැළකිය යුතු පිරිසක් දරුණු තුවාලවලට ලක්වීම මීට හේතුවයි.

මේ අනුව තහනමට ලක්වන සුනඛ වර්ග බෝ කර ඇතැයි ඔප්පු වුවහොත් ඔවුන්ගේ හිමිකරුවන්ට වසර 05 ක උපරිමයකට යටත්වන සිර දඩුවමකට ලක්වීමට සිදුවනු ඇති.

කෙසේවෙතත් මෙය තවමත් යෝජනාවක් පමණක් වන අතර ලබන අගෝස්තු 24 වනදා දක්වා මහජන අදහස් විමසීම සිදුවනවා.

සාමාන්‍යයෙන් වසරකදී ඔස්ටේ්‍රලියාව තුළ සිදුවන සුනඛ සපාකෑම් සංඛ්‍යාව 100,000 කට ආසන්න වන අතර ඉන් සියයට 03 ක් පමණ දරුණු ප්‍රහාර ලෙසයි සැළකෙන්නේ.

Proposed banned list

  • Dogo argentino
  • Fila brasileiro (Brazilian mastiff)
  • Japanese tosa
  • American pitbull terrier or pitbull terrier
  • Perro de presa canario or presa canario.

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »