Search

ඔස්ට්‍රේලියාවේ ඉහළම දේශපාලනඥයන්ගේ වැටුප් හෙළිකෙරේ

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් උපයන වැටුප් සම්බන්ධ තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙරට වැඩිම වාර්ෂික වැටුපක් ලබන දේශපාලනඥයා වන්නේ අගමැති ඇන්තනී ඇල්බනීස් වන අතර එය ඩොලර් 564,360 ක්.

ලොව ඉහළම වැටුප් ලබන රාජ්‍ය නායකයන් අතර ඔහු පසුවන්නේ 05 වන ස්ථානයේයි.

ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් ලබන දේශපාලනඥන් අතර දෙවන ස්ථානයට පත්වන්නේ නියෝජ්‍ය අගමැති රිචඩ් මාල්ස් වන අතර ඔහු ලබන වාර්ෂික වැටුප ඩොලර් 416,212 ක්.

විපක්ෂ නායක පීටර් ඩට්න් ඩොලර් 390,000 ක් – කථානායක මිල්ටන් ඩික් ඩොලර් 369,700 ක් ලෙස වැටුප් ලබාගන්නවා.

ප්‍රාන්ත අගමැතිවරුන් අතර ඉහළම වැටුප ලබන්නේ වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් විසින් වන අතර එය ඩොලර් 481,190 ක්.

ක්වීන්ස්ලන්ඩ් අගමැතිනිය එහි දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඩොලර් 469,367 ක වාර්ෂික වැටුපක් සමගිනුයි.

ඩොලර් 418,000 ක වාර්ෂික වැටුපක් ලබන දකුණු ඔස්ට්‍රේලියා අගමැතිවරයා 03 වන ස්ථානයට පත්ව සිටිනවා.

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »