ගුවන් නියමුවන් 70 ක් ශ්‍රී ලන්කන් හැර යයි – තවත් පිරිසක් ළගදීම යයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ වැටුප් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගුවන් නියමුවන් 70 කට අධික ප්‍රමාණයක් සේවයෙන් ඉවත්වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් නියමු සංසදය අවධාරණය කරන්නේ ගුවන් නියමුවන් 330 ක් ගුවන් සේවයේ සිටිය යුතු බවයි.

එහෙත් ගුවන් සේවා පරිපාලනයේ පවතින ගැටලූකාරී තත්ත්වය හේතුවෙන් මේ වන විට සේවයේ සිටින්නේ 250 ක් පමණක් බවද එමගින් පෙන්වාදී තිබෙනවා.

දකුණු කොරියාවට යෑමට සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසකට, ගුවන් යානයක පමාවෙන් එම අවස්ථාව අහිමි වීමේ සිදුවීම් කිහිපයක් මෑතකාලීනව වාර්තා වුණා.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගුවන් නියමුවන්ට ලබාදෙන වැටුප් හා දීමනා ප්‍රමාණවත් නොවන බවයි.

ගෙවුණු වසරක කාලය තුළ පමණක් ගුවන් නියමුවන් 70 කට අධික සේවයෙන් ඉවත්ව ඇති අතර තවත් පිරිසක් ඉවත්වීමේ සූදානමකින් සිටින බවද එහි සඳහන්.

එබැවින්, දැනට පවතින ගුවන් නියමු හිගය හේතුවෙන් මෙලෙස හදිසි අවස්ථාවකදී ගුවන් නියමුවන් ඊට අනුයුක්ත කිරීම අසීරු බව එම නිවේදනයෙහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »