දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වේලි 02 ක් ආශ්‍රිත ජනතාවට අනතුරු ඇගවීමක්

දින කිහිපයක සිට පවතින ධාරාණිපාත වැසි තත්වයත් සමග දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ජලාශ වේලි 02 ක් ආශ්‍රිතව වාසය කරන ජනතාවට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

දැනට අවධානම් තත්වයක් නොමැති නමුත් වර්ෂා තත්වය අඛණ්ඩව පැවතියහොත් නිවේදනයක් නිකුත් කල වහා ඉවත්වීමට සූදානම් වන ලෙසටයි ඔවුන්ට දන්වා ඇත්තේ.

මෙලෙස අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ හෝප් ෆොරස්ට් සහ බාස්කට් රේන්ජ් යන ප්‍රදේශවල පිහිටා ඇති වේලි සම්බන්ධයෙනුයි.

ඉදිරි දිනවලදී දකුණු ඔස්ට්‍රේලියාවට තද සුළං තත්වයක්ද පැවතිය හැකි බවටද අනතුරු අගවා තිබෙනවා.

https://www.abc.net.au/news/2023-06-25/severe-weather-continues-in-parts-of-south-australia/102521126

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »