ඉන්ෆ්ලුවන්සා එන්නත දීමට දෙමව්පියන් 1/5 ක් උනන්දු නෑලු

ශීත සෘතුව එළැඹීමත් සමග ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ විසින් දෙමව්පියන්ට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

ඒ ඉන්ෆ්ලුවෙන්සා වෛරසයට අදාළ එන්නත මෙතෙක් දරුවන්ට ලබාදී නොමැති නම් වහා එය ලබාදෙන ලෙසටයි.

දැනට එම එන්නත ලබාගෙන ඇත්තේ දරුවන්ගෙන් 1/10 ක් පමණක් බව සඳහන්.

එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ ඉන්ෆ්ලුවන්සා රෝගීන් 40,000 කට වැඩි පිරිසක් වාර්තාවී ඇති අතර ඉන් වැඩි පිරිසක් වයස අවුරුදු 01 ත් 14 ත් අතර පසුවන්නන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඉන්ෆ්ලුවන්සා රෝගී තත්වය බරපතල තත්වයට පත්වුවහොත් නියුමෝනියා තත්වය පවා ඇතිවිය හැකි බවයි වෛද්‍යවරුන් අපන්වා දෙන්නේ.

තම දරුවන්ට ඉන්ෆ්ලුවන්සා එන්නත ලබාදීමට දෙමව්පියන් අතුරින් 1/5 ක් එතරම් උනන්දුවක් නොදක්වන බවටද අනාවරණ වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »