ජනමත විචාරණ දිනය ගැන අගමැතිගෙන් ඉගියක්

ස්වදේශික ජනමත විචාරණය මෙම වසර තුළදී අනිවාර්යයෙන්ම පවත්වන බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත සහතික වනවා.

ව්‍යවස්ථාව සංශෝධනය යනු අසීරු කරුණක් වුවද එය ජය ගැනීමට තමන් ඇතුලු ලේබර් පක්ෂ රජය සූදානම් බවයි ඔහු අවධාරණය කලේ.

අගමැතිවරයා මෙම අදහස් පළකලේ ප්‍රමාණවත් සහයක් නොමැතිනම් ජනමත විචාරණය කල් දමන ලෙස විපක්ෂ නායක පීටර් ඩට්න් විසින් කර ඇති ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනුයි.

ජනමත විචාරණය සඳහා පාර්ලිමේන්තුවෙන්ද අනුමැතිය ලැබී ඇති පසුබිමක එය කල් දැමීමට තමන් හෝ ලේබර් රජය කිසිදු සූදානමක් නොමැති බවයි ඇන්තනී ඇල්බනීස් කියාසිටියේ.

සැළසුම් කර ඇති පරිදි මෙම වසරේ අගභාගයේදී ජනමත විචාරණය පවත්වන බවත් නිශ්චිත දිනය ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කලා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »