Powerball $ මිලියන 100 ක පළමු සමස්ත ත්‍යාගය සිඩ්නි පදිංචිකරුවෙකුට

ඊයේ රාත්‍රියේ දිනුම් අදින ලද Powerball ලොතරැයියේ ඩොලර් මිලියන 100 ක පළමු සමස්ත ත්‍යාගය දිනා ගැනීමට සිඩ්නි පදිංචිකරුවෙකු සමත්වී තිබෙනවා.

නව නිවසක් මිළදී ගැනීම සඳහා තමන් මෙම මුදලින් කොටසක් යෙදවීමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

1414 වන දිනුම් ඇදීමෙහි ජය අංක ලෙස සටහන් වූයේ 22 – 3 – 5 – 23 -4 – 14 සහ අංක 06 යි.

සුපිරි අංකය ලෙස අංක 17 සටහන් වී තිබුණා.

2019 වසරේ ජනවාරි මාසයේදීත් බටහිර සිඩ්නි පදිංචිකරුවෙකු විසින් Powerball ලොතරැයියේ ඩොලර් මිලියන 107 ක පළමු ත්‍යාගය දිනාගනු ලැබුවා.

පසුගිය වසරේදී Powerball ලොතරැයියේ division 01 ජයග්‍රාහකයන් 22 ක් බිහිවී තිබූ අතර ඉන් 13 දෙනෙකු නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්ද – 04 දෙනෙකු වික්ටෝරියාවෙන්ද – ක්වීන්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියාවෙන් දෙදෙනෙකු බැගින්ද දකුණු ඔස්ට්‍රේලියාවෙන් එක් අයෙකුද වනවා.

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »