ඔස්ට්‍රේලියාවේ පළමු ජාතික සයිබර් ආරක්ෂණ සම්බන්ධීකාරක පත්කෙරේ

ඔස්ට්‍රේලියාවේ පළමු ජාතික සයිබර් ආරක්ෂණ සම්බන්ධීකාරක ලෙස හිටපු ගුවන් හමුදා අණදෙන නිළධාරියෙකු වන එයාර් මාර්ෂල් ඩැරන් ගෝල්ඩි පත් කර තිබෙනවා.

ප්‍රධාන සයිබර් තර්ජනවලදී මුහුණදීම – මෙරට සයිබර් ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම ඇතුලු කාර්යයන් කිහිපයකුයි ඔහුට පැවරී ඇති ප්‍රධාන වගකීම් වන්නේ.

මූල්‍ය – සෞඛ්‍ය ඇතුලු ක්ෂේත්‍ර රැසක ඔස්ට්‍රේලියානු සමාගම් වෙත දිගින් දිගටම එල්ලවන සයිබර් ප්‍රහාර සහ අනවසර දත්ත පැහැරගැනීම් ඉහළයාම හේතුවෙනුයි මෙවැනි නව තනතුරක් ස්ථාපිත කිරීමට ෆෙඩරල් රජය තීරණය කරනු ලැබුවේ.

එයාර් මාර්ෂල් ඩැරන් ගෝල්ඩි ගේ නව තනතුර ලබන ජූලි 03 වනදා සිට බලාත්මක වනු ඇති.

මෙය ඔස්ට්‍රේලියාවේ සයිබර් ආරක්ෂණයේදී වැදගත් ඉදිරි පියවරක් වනු ඇති බවයි ස්වදේශ කටයුතු ඇමතිනී ක්ලෙයාර් ඔ-නිල් සඳහන් කලේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »