මාස 06 ක් තුළ 02 වන වරටත් වික්ටෝරියා ප්‍රවාහන ගාස්තු ජූලි 01 සිට යළිත් ඉහළට

ලබන සති අන්තයේ එනම් ජූලි පළමුවනදා සිට වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු මගී ප්‍රවාහන ගාස්තු යළිත් ඉහළ දමා තිබෙනවා.

මේ අනුව දැනට දෛනික පවතින ඩොලර් 09.20 ක MyKi ගාස්තුව ඩොලර් 10 ක් දක්වා ඉහළ යාමට නියමිතයි.

එක් ගමනක් සඳහා වන ගාස්තුව ඉහළ යනු ඇත්තේ ඩොලර් 04.60 සිට ඩොලර් 05 ක් දක්වායි.

මීට සමගාමීව V/Line සේවා ගාස්තුද ඉහළ යනු ඇති.

ඒ අනුව සති අන්ත ප්‍රවේශපත්‍රයක ගාස්තුව ඩොලර් 06.70 සිට ඩොලර් 07.20 දක්වාද එක් ගමනක් සඳහා වන ගාස්තුව ඩොලර් 03.35 සිට ඩොලර් 03.60 ක් දක්වාද ඉහළ යාමට නියමිතයි.

පසුගිය ජනවාරි පළමුවනදා ද වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු මගී ප්‍රවාහන ගාස්තු ඉහළ දමනු ලබුවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »