ලබන ජූලි 01 සිට ඔස්ට්‍රේලියා Citizenship අයදුම්පත් ගාස්තු ඉහළට

ලබන ජූලි පළමුවනදා සිට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ඉල්ලුම් කිරීමේදී අය කෙරෙන අයදුම්පත් ගාස්තුව ඉහළ දමා තිබෙනවා.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කලේ ඉහළ ගොස් ඇති මෙහෙයුම් පිරිවැයට සාපේක්ෂව මෙම ගාස්තු සංශෝධනය සිදුකර ඇති බවයි.

මේ අනුව ලබන ජූලි පළමුවනදා අලුයම 12 න් පසුව ලැබෙන සෑම පුරවැසි අයදුම්පතක් සඳහාම ඩොලර් 540 ක ගාස්තුවක් අය කෙරෙනු ඇති.

කෙසේවෙතත් වරප්‍රසාද කාඩ්පත් හිමියන් සඳහා වන ගාස්තු සහනය අඛණ්ඩව බලාත්මක වන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටින්නේ.

මේ අතර සිය දත්ත පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ImmiAccount ඇතුලු ඔන්ලයින් සේවා කිහිපයක් ලබන 30 වනදා රාත්‍රී 08.30 සිට ජූලි පළමුවනදා දහවල් 12.30 දක්වා ක්‍රියාත්මක නොවන බවද ස්වදේශ කටයුතු දෙපාර්තමෙන්තුව දන්වා සිටිනවා.

ලබන 01 දා සිට බලාත්මක වන නව පුරවැසි අයදුම්පත් ගාස්තු පහතින් :

Citizenship application fees (effective 1 July 2023)

Application type Fee from 1 July 2023 (amounts in AUD)
Australian citizenship by conferral—General eligibility (Form 1300t)
Standard fee $540
Concession fee* $75
Child 15 years or younger applying on the same form as parent / Fee exemption^ Nil
Australian citizenship by conferral—Other situations (Form 1290)
Standard fee $330
Concession fee* $40
Child 15 years or younger applying on the same form as parent / Fee exemption^ Nil
Australian citizenship by descent (Form 118)
Single application / First sibling when two or more siblings apply $345
Second and each subsequent sibling applying at the same time $145
Australian citizenship for children adopted under full Hague Convention or bilateral arrangements (Form 1272)
Single application / First sibling when two or more siblings apply $345
Second and each subsequent sibling applying at the same time $145
Renunciation of Australian citizenship (Form 128)
Renunciation of Australian citizenship $290
Resumption of Australian citizenship (Form 132)
Resumption of Australian citizenship $230
Child 15 years or younger applying on the same form as parent Nil
Evidence of Australian citizenship (Form 119)​
Separate application for evidence of Australian citizenship $265
Application for replacement of evidence of Australian citizenship lost, destroyed or damaged due to a natural disaster Nil

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »