හිම නැතිව ඔස්ට්‍රේලියාවේ Ski Fields විවෘත කිරීම කල් යයි

මෙවර ශීත සෘතුව ආරම්භයට පෙර ප්‍රමාණවත් හිමපතනයන් නොලැබීම හමුවේ ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප (Ski Fields) විවෘත කිරීම ප්‍රමාදවන ළකුණු පළවී තිබෙනවා.

සාමාන්‍යයෙන් ජූනි 10 වනදා හිම කලාප විවෘත කෙරුණද මෙම වසරේ මේ දක්වා බොහෝ කඳුකර ප්‍රදේශවලට ප්‍රමාණවත් හිමපතනයන් ලැබී නොමැති බව සඳහන්.

වික්ටෝරියා හි අතිශය ජනප්‍රිය හිම නිකේතනයක් වන මවුන්ට් බුලර් ප්‍රදේශයටද ලබන 16 වනදා වනතෙක් ප්‍රමාණවත් හිමපතනයක් නොලැබෙනු ඇති බවටයි අනාවැකි පළවී ඇත්තේ.

කාළගුණ අංශ අනාවැකි පළකර තිබුණේ මෙම වසරේ ශීත සෘතුව ඉතා වියළි ස්වභාවයක් ගනු ඇති බවයි.

මේ අතර මින් ඉදිරියට වික්ටෝරියා ප්‍රාන්තයේ ජලගැලීම් අනතුරු ඇගවීම් නිකුත් කිරීම කාලගුණ කාර්යාංශයට පවරා තිබෙනවා.

මෙතෙක් එය මෙල්බන් ජල සැපයුම් අංශය යටතේ පැවති නමුත් පසුගි වසරේ ඔක්තෝබර් මාසයේ පැමිණි මහා ජල ගැලීම පිළිබඳ ඔවුන් විසින් නිසි පූර්ව අනතුරු ඇගවීමක් සිදුනොකල බවටයි චෝදනා එල්ලවූයේ.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »