ශ්‍රී ලංකාවේ FD – Credit Card පොළී පහළට

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ වාණිජ බැංකු සියල්ලේම පාහේ ස්ථාවර තැන්පතු සඳහා වන පොලිය සැලකිය යුතු ලෙස පහළ දමා තිබෙනවා.

මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ දැමීමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ බැංකු විසින් දැනට ස්ථාවර තැන්පතු සඳහා ලබා දෙමින් සිටින්නේ සියයට 15 – 16 ත් වැනි උපරිම පොළියක් බව සඳහන්.

මේ අතර මහ බැංකුව විසින් පොලී අනුපාත පහළ දැමීමත් සමග වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන විසින් නිකුත් කර ඇති ක්‍රෙඩිට් කාඩ්පත් වල පොලී අනුපාත ද පහළ යනු ඇතැයි මහ බැංකුව විශ්වාසය පළකරනවා.

පසුගිය කාලයේ පොලී අනුපාත ඉහළ මට්ටමක තිබීම මත ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා පොලිය 30%ක් ඉක්මවූ අගයක පැවැතුණා.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »