ඉලෝන් මස්ක් නැවතත් අංක 01 ට

නැවතත් ලොව ධනවත්ම පුද්ගලයින් අතර පෙරමුණට පැමිණීමට සුප්‍රකට ටෙස්ලා සමාගමේ නිර්මාතෘ සහ ට්විටර් වත්මන් හිමිකරු වන ඉලෝන් මස්ක් සමත්ව තිබෙනවා.

ඒ, ලොව ධනවත්ම පුද්ගලයින් අතර පෙරමුණේ රැඳී සිටි 74 හැවිරිදි බර්නාඩ් ආර්නෝල් අභිබවා යමින්.

ලොව ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ ලැයිස්තුවක් වන බ්ලුම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුවයි හෙහ නම් කිරීම සිදුකර ඇත්තේ.

වසරක් තුළ ලොව ධනවත්ම පුද්ගලයින් අතර පළමු තැන වරින් වර ඉලෝන් මස්ක් සහ බර්නාඩ් ආර්නෝල් අතර දෝලනය වුණා.

ඉලෝන් මස්ක් යළිත් ධනවතුන් අතර පෙරමුණට පැමිණියේ, පසුගිය අප්‍රේල් මාසයේදී බර්නාඩ් ආර්නෝල්ගේ සමාගමක කොටස් 10% කින් පමණ පහත වැටීමත් සමගයි.

එම කොටස් පහත වැටීම හමුවේ බර්නාඩ් ආර්නෝල්ට දිනක් තුළ සිදු වූ අලාභය අමෙරිකානු ඩොලර් බිලියන 11 කට ආසන්න බවටයි ගණන් බලා ඇත්තේ.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »