Uber ගාස්තු සඳහා උපරිම මිළක් නියම කරන ඔස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය NSW

Uber ගාස්තු සඳහා උපරිම මිළක් නියම කරන ඔස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය බවට නිවු සවුත් වේල්ස් පත්වී තිබෙනවා.

අධික ඉල්ලුමක් ඇති අවස්ථාවලදී ගාස්තු ඉහළයාම පාලනය මෙමගින් අපේක්ෂා කෙරෙන අතර උපරිම ගාස්තුවක් ප්‍රකාශයට පත්කෙරෙනු ඇති.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය සඳහන් කලේ මීට අදාළව Uber සමාගම සමග එකගතාවයකට පැමිණි බවයි.

පසුගිය මාර්තු 08 වනදා තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිඩ්නි දුම්රිය පද්ධතිය ඇණහිටි අවස්ථාවේදී අපහසුතාවයට පත් මගීන්ගෙන් අධික ගාස්තු අයකල බවටයි Uber වෙත චෝදනා එල්ල වූයේ.

ඇතැම්විට ඩොලර් 40 ක ගාස්තුවක් අය කෙරෙන ගමනකට ඩොලර් 500 ක් වැනි අධික ගාස්තුවක් අයකල බවටද එහිදී දෝෂාරෝපණ එල්ල වුණා.

මේ අතර නිවු සවුත් වේල්ස් හි ගාස්තු මීටර් ක්‍රියාත්මක සෑම ටැක්සි රථයක් සඳහාම විශේෂ ස්ටිකරයක් ප්‍රදර්ශන වැඩපිළිවෙලක් මෙම සතියේ සිට ආරම්භ කර තිබෙනවා.

කිසියම් රථක් විසින් ගමනාරම්භයේදී මීටරය ක්‍රියාත්මක නොකළහොත් ඩොලර් 1,000 ක දඩයක් අයකර ගැනීමට නියමිතයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »