ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පතල් සමාගමක් වසර 13 ක් පුරා අඩුවෙන් වැටුප් ගෙවලා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පතල් සමාගමක් වන BHP විසින් 2010 වසරේ සිට සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇති බව පිළිගෙන තිබෙනවා.

ඒ අනුව සේවකයන් 28,500 කට පමණ ඩොලර් මිලියන 400 ක හිග වැටුප් ගෙවිමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

ප්‍රසිද්ධ නිවාඩු දිනවල සේවය කල සේවකයන්ට අදාළ වැටුප් අඩුවෙන් ගණනය කර ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගම් විසින් සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවීම් ඉහළ ගොස් ඇතැයි ඔම්බුඩ්ස්මන් කාර්යාලය පසුගියදා නිකුත් කල වාර්තාවක සඳහන්.

Woolworths විසින් ඩොලර් මිලියන 144 ක මුදලක්ද – Coles විසින් ඩොලර් මිලියන 115 ක මුදලක්ද එලෙස ගෙවීමට පවතින බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »