
ඔස්ට්‍රේලියා නිවාස කුළී ගැටලුවට ඉතාම නුදුරේදී විසඳුමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ෆෙඩරල් සංචිත බැංකුව පවසනවා.
එහි ප්‍රධානී ආචාර්ය ෆිලිප් ලෝ පෙන්වා දෙන්නේ සංක්‍රමණිකයන්ගේ පැමිණීම ඉහළයාම හමුවේ එම ගැටලුව තවත් උග්‍රවන බවයි.
කැන්බරා පාර්ලිමේන්තුවේ සෙනට් කමිටුවක් හමුවේ අදහස් දක්වමින් ඔහු කියාසිටියේ මෙම ගැටලුවට ෆෙඩරල් රජය වහා විසඳුමක් ලබාදිය යුතු බවයි.

ඔහු මෙම අනතුරු ඇගවීම සිදුකලේ පසුගිය අප්‍රේල් මාසයේදී උද්ධමනය සියයට 6.8 ක් දක්වා ඉහළගොස් ඇති බවට සංඛ්‍යාලේඛණ කාර්යාංශය ඊයේ නිකුත් කල නවතම දත්තද සැළකිල්ලට ගනිමිනුයි.
ඒ අනුව ලබන සතියේදී cah rate අගය යළිත් ඉහළයාමෙන් ණය වාරික තවදුරටත් වැඩිවනු ඇති බවටද අනතුරු ඇගවෙනවා.
