Jobseeker දීමනා ඉහළ නැංවීමේ යෝජනාවට විපක්ෂයේ සහය

මෙවර ෆෙඩරල් අයවැයෙන් යෝජනා කල පරිදි jobseeker දීමනා ඉහළ නැංවීමේ යෝජනාවට සහය පළකිරීමට විපක්ෂ ලිබරල් සන්ධානය තීරණය කර තිබෙනවා.

ලක්ෂ 10 කට ආසන්න පිරිසකට එම වරප්‍රසාදය හිමිවන අතර සති 02 කට ඔවුන්ට හිමිවන මුදල ඩොලර් 40 කින් ඉහළයාමට නියමිතයි.

එමෙන්ම අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සති 02 කට ලබාදෙන ඩොලර් 92.10 ක මුදල අවුරුදු 55 ට වැඩි පිරිස් සඳහා ලබාදෙන පරිදි වන සංශෝධනයක්ද මෙවර අයවැයට ඇතුළත්.

මේ අතර සෙනෙට් සභාවේදී මෙම යෝජනාවට සංශෝධන කිහිපයක් ගෙන ඒමටද ලිබරල් විපක්ෂය සූදානමින් පසුවනවා.

කෙසේවෙතත් ඒ සඳහා ලේබර් පක්ෂ රජය එකග නොවනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »