
ඔස්ට්‍රේලියාව තුළ ශිෂ්‍ය ණය ලබාගෙන ඇති මිලියන 03 කට පමණ අද සිට ණය පොළී අනුපාතික ඉහළයාමක් බලාත්මක වනවා.
ඒ අනුව මාස 11 කට වැඩි කාලයකට පෙර ලබාගෙන ඇති ශිෂ්‍ය ණය ලාභීන් සඳහා සියයට 7.1 කින් පොළී අනුපාතික වැඩිවීමට නියමිතයි.
කිසියම් අයෙකු ශිෂ්‍ය ණය ලබාගෙන තවමත් ගතවී ඇත්තේ මාස 11 කට අඩු කාලයක් නම් ඔවුන්ට මෙම පොළී වැඩිවීම අදාළ වන්නේ නැහැ.

1990 වසරේදී සියයට 08 කින් ශිෂ්‍ය ණය පොළිය ඉහළයාමෙන් පසු එය වැඩිම අගයකින් ඉහළ යන පළමු අවස්ථාව මෙයයි.
පසුගිය වසරේදී ශිෂ්‍ය ණය පොළිය ඉහළ ගොස් තිබුණේ සියයට 3.9 ක් වැනි අගයකිනුයි.
