නිවු සවුත් වේල්ස් මුද්දර ගාස්තු සහන යෝජනාව සම්මතයි

පළමුවරට නිවසක් මිළදී ගන්නා පුද්ගලයන් වෙනුවෙන් ලබාදෙන මුද්දර ගාස්තු සහනය ඉහළ නැංවීමේ යෝජනාව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

ඒ අනුව මෙතෙක් ඩොලර් 650,000 ක උපරිම වටිනාකමක් සහිත නිවසක් සඳහා පැවති මුද්දර ගාස්තු අය නොකිරීම ඩොලර් 800,000 ක වටිනාකමක් දක්වා ඉහළ යනු ඇති.

එමෙන්ම මෙතෙක් ඩොලර් ලක්ෂ 08 ක උපරිම වටිනාකමක් සහිත නිවාස සඳහා පැවති මුද්දර ගාස්තු සහනය ඩොලර් මිලියනය දක්වා වැඩි කර තිබීම විශේෂතවයක්.

මෙම අවස්ථා 02 ම සඳහා පළමු වරට නිවසක් මිළදී ගන්නන් 13,000 කට පමණ මෙම වරප්‍රසාදය හිමිවනු ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.

ඔවුන්ට අවම වශයෙන් ඩොලර් 31,090 ක සහනයක් හිමිවනු ඇති බවද සඳහන්.

මෙම නව රෙගුලාසිය ලබන ජූලි පළමුවනදා සිට බලාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »