PHOTOS: ඔස්ට්‍රේලියාවේ ලාංකිකයෙකුගේ මෝටර් රථයක් පැහැරගෙන අනතුරකට ලක් කරයි

ඩාර්වින් නගරයේ පදිංචිවී සිටින ව්‍යාපාරයක් පවත්වාගෙන යන ශ්‍රී ලාංකිකයෙකුට අයත් Ute වර්ගයේ රථයකට පහරදී හානි සිදුකර තවත් මෝටර් රථයක් පැහැරගෙන ගොස් අනතුරකට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Ute රථයේ වම් පස වීදුරුව කඩා එහි තිබූ උපකරණ කිහිපයක් පැහැරගෙන ගොස් තිබූ බව සඳහන්.

අනතුරුව එම ස්ථානයේ නතර කර තිබූ කලු පැහැති ටොයොටා ලෙක්සස් වර්ගයේ මෝටර් රථයද පැහැරගෙන ගොස් තිබෙනවා.

ඩාර්වින් සිට කිලෝමිටර් 30 ක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයකදී එය අනතුරකට ලක් කර තිබියදී සොයාගෙන ඇති බවද සඳහන්.

පොලිසිය පවසා ඇත්තේ පැයට කිලෝමීටර් 160 ක වේගයෙන් එය ධාවනය කර ඇති බවයි.

අද අලුයම මෙම මෝටර් රථය සොයාගෙන තිබෙනවා.

අතරමගදී ඊට ඉන්ධන ලබාගැනීම සඳහා නතර කර ඇති අතර අවුරුදු 16 ක් පමණ වන ගැහැණු ළමයෙකු රථය ධාවනය කරවා ඇති බවයි පැවසෙන්නේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »