
කොවිඩ් එන්නත් මගින් ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ට ලැබෙන ප්‍රතිශක්තීකරණය ඉතා ඉහළ මට්ටමක පවතින බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.
ඩාර්වින් නුවර පදිංචි ඇබොරිජින් ජාතිකයන් 58 දෙනෙකු සහ ස්වදේශික නොවන ඔස්ට්‍රේලියානුවන් 39 දෙනෙකු යොදාගනිමිනුයි මෙම අධ්‍යයනය සිදුකර තිබුණේ.
කොවිඩ් එන්නත් මාත්‍රා 02 ක් ලබාගැනීමෙන් පසුව ස්වදේශික ජනයාගේ සිරුරු තුළ ඉතා ශක්තිමත් ප්‍රතිදේහ නිපදවීමක් නිරීක්ෂණය වන බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.

කෙසේවෙතත් ස්වදේශික නොවන ජනතාව අතර එවැනි තත්වයක් දැකගැනීමට නොලැබුණු බව අධ්‍යයනය සිදුකල පර්යේෂණ කණ්ඩායම පවසා තිබෙනවා.
ඉදිරියේදී විවිධ එන්නත් නිෂ්පාදනයේදී මෙම ප්‍රථිඵල අතිශය වැදගත් වනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.
