ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමනය 6.8% ක් දක්වා ඉහළට

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමනය අප්‍රේල් මාසයේදී සියයට 6.8 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය පසුගිය මාර්තු මාසයේදී පැවතුණේ සියයට 6.3 ක් ලෙසයි.

කෙසේවෙතත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී වාර්ෂික උද්ධමනය සියයට 8.4 ක් වැනි ඉහළ අගයක සටහන් වී තිබුණා.

ජූනි මාසයට අදාළව පොළී අනුපාතික අගයන් තීරණය කිරීම සඳහා ෆෙඩරල් සංචිත බැංකු විධායක මණ්ඩලය ලබන සතියේදී රැස්වීමට නියමිතයි.

අද නිකුත් වු දත්ත අනුව උද්ධමනය ඉහළයාම හේතුවෙන් cash rate අගයද ලබන සතියේදී නැවත ඉහළ දැමෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඊට සමගාමීව ණය වාරික අගයන් ද වැඩිවනු ඇති බව සඳහන්.

දැනට ඔස්ට්‍රේලියාවේ cash rate අගය පවතින්නේ සියයට 3.85 ක් ලෙසයි.

Today’s Top Stories – Friday 01st December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »