ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

1967 වසරේ පැවති ජනමත විචාරණයේදී යොදාගත් ඇතැම් ප්‍රකාශ ඇඩිලේඩ් නුවර පැවැත්වෙන මෙම වැඩසටහනේදී අගමැතිවරයා විසින් නැවතත් ඉදිරිපත් කරනු ඇති බව සඳහන්.

ස්වදේශික ජනතාව ඔස්ට්‍රේලියාවේ ජාතික ජනගහණයේ කොටසක් ලෙස සැළකිය යුතුද යන්න 1967 වසරේ පැවති ජනමත විචාරණයේදී විමසා බැලුණු අතර එහිදී ජනතාවගෙන් සියයට 90 ක් ඊට අනුමැතිය පළකරනු ලැබුවා.

ඔස්ට්‍රේලියානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ස්වදේශික හඩ ජනමත විචාරණ යෝජනාව සම්මත කර ලබන මාසය අග වනවිට සෙනෙට් සභාව වෙත යොමු කරනු ඇති බව සඳහන්.

එහිදීද අනුමැතිය ලදහොත් බොහෝ දුරට ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් අතර කාලයේදී මෙම යෝජනාව ජනමත විචාරණයකට යොමු කෙරෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

Today’s Top Stories 2024.05.09

ප්‍රධාන නගර ආශ්‍රිත නිවාස මිල වාර්තාගත ලෙස ඉහළට ලොව අලංකාරම රටවල් 20 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි භාවිත කළ ඇඳුම් සහ ගෘහ භාණ්ඩ සොයන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව ඉහළට සිඩ්නි ඇතුලු ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වය තවදුරටත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉවත් කර ගැනීම ඇරඹෙයි

Read More »

ප්‍රධාන ගුවන් සේවයක් ඕස්ට්‍රේලියාවට එන යන ගුවන් ගමන් නවතයි

එයාර් වනුවාටු (Air Vanuatu) ගුවන් සේවය විසින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන සහ ඉන් පිටත් වන ගුවන් ගමන් ඇතුළුව සියලුම ජාත්‍යන්තර ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.

Read More »

ග්‍රාමීය ප්‍රදේශයකට වෛද්‍යවරුන් ආකර්ශණය කර ගන්න අලුත් වැඩක්

පර්ත් හි ගිනිකොන දෙසින් පිහිටි බ්‍රෙමර් බොක්ක ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ආයතනයකට වෛද්‍යවරුන් ආකර්ෂණය කර ගැනීම සඳහා වරප්‍රසාධ රැසක් පිරිනැමීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »