අඛණ්ඩව 07 වන වසරටත් ටොයොටා ඔස්ට්‍රේලියාවේ අංක 01 ට

අඛණ්ඩව 07 වන වසරටත් ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම වාහන සන්නාමය බවට ටොයොටා පත්වී තිබෙනවා.

පසුගිය වසරේදී මෙරටදී අලෙවි වු වාහන අතුරින් සෙසු වාහන වර්ගවලට වඩා ටොයොටා වාහන අලෙවිය 03 ගුණයක පමණ ඉහළයාමක් සටහන් කර ඇති බවයි සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

2022 දී ඔස්ට්‍රේලියාව තුළ අලෙවි කර තිබූ සමස්ත වාහන සංඛ්‍යාව 10,81,429 ක්.

එයින්ද ඔස්ට්‍රේලියානුවන්ගේ වැඩිම කැමැත්ත හිමිවි තිබුණේ Toyota Hi-Lux වාහන වර්ගයට බවයි පැවසෙන්නේ.

පසුගිය වසරේදි ඔස්ට්‍රේලියාවේදි අලෙවි වී ඇති වාහන අතුරින් සියයට 21.4 ක් ටොයොටා වාහන වන අතර එයින්ද 64,000 ක් පමණ Toyota Hi-Lux වර්ගයේ වාහන වනවා.

දෙවන ස්ථානයට Mazda පත්වන්නේ සියයට 8.4 ක් හෙවත් වාහන 95,718 ක අලෙවියක් සටහන් කරමිනුයි.

වාහන 78,330 ක අලෙවියක් සමග Kia 03 වන ස්ථානයටත් – වාහන 76,991 ක අලෙවියක් සමග Mitsubishi 04 වන ස්ථානයටත් පත්වී තිබෙනවා.

වාහන 73,345 ක අලෙවියක් සහිත Hyundai 05 වන ස්ථානයටයි පත්වී ඇත්තේ.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »