එක්සත් ජනපද සමාගමක් වන ෆයිසර් මුල් දත්ත සංඛ්‍යා අනුව කොරෝනා එන්නත 90% ඵලදායී බව පවසයි.

එක්සත් ජනපද සමාගමක් වන ෆයිසර් මුල් දත්ත සංඛ්‍යා අනුව කොරෝනා එන්නත 90% ඵලදායී බව පවසයි.

US company Pfizer says early data signals COVID-19 vaccine is effective.

ෆයිසර් පවසන්නේ COVID-19 වැළැක්වීම සඳහා එන්නත් දත්ත පිළිබඳ පූර්ව විමසුමක් මගින් සියයට 90 ක් ඵලදායී විය හැකි බවයි. එයින් පෙන්නුම් කරන්නේ සමාගම මේ මස අගදී එක්සත් ජනපද නියාමකයින් සමඟ හදිසි භාවිත අයදුම්පතක් (emergency use application) ගොනු කිරීම සඳහා ගමන් කරමින් සිටින බවයි.

නමුත් මෙම නිවේදනය මඟින් එන්නතක් අත ළඟ බව අදහස් නොකෙරේ: ස්වාධීන දත්ත අධීක්ෂණ මණ්ඩලයේ මෙම අතුරු විශ්ලේෂණය පිළිබඳ නිගමනයකට එළඹ ඇත්තේ එක්සත් ජනපදයේ සහ තවත් රටවල් පහක 44,000 කට ආසන්න පිරිසක් බඳවාගෙන ඇති අධ්‍යයනයක දී මේ දක්වා වාර්තා වී ඇති ආසාදන 94 ක් පිළිබඳව සොයා බැලීම මඟිනි.

Pfizer Inc. විසින් එම අවස්ථා පිළිබඳ වැඩි විස්තර ලබා නොදුන් අතර අධ්‍යයනය අවසන් වන විට මූලික ආරක්ෂණ අනුපාතය වෙනස් විය හැකි බවට අනතුරු ඇඟවීය. එවැනි මුල් දත්ත හෙළි කිරීම පවා අතිශය අසාමාන්‍ය ය.

“අපට යම් බලාපොරොත්තුවක් ලබා දිය හැකි තත්වයක අපි සිටිනවා” යැයි ෆයිසර් හි සායනික සංවර්ධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති වෛද්‍ය Bill Gruber පැවසීය. 

අධ්‍යයනය අවසන් වී නැති නිසා, එක් කණ්ඩායමක කීදෙනෙකුට ආසාදන ඇතිදැයි වෛද්‍ය Gruber කිව නොහැක. සියළුම ස්වේච්ඡා සේවකයන් අතර ආසාදන 164 ක් වාර්තා වන තුරු ෆයිසර් සිය අධ්‍යයනය නතර කිරීමට සැලසුම් නොකරයි. එනම් එන්නත කොතරම් හොඳින් ක්‍රියාත්මක වේදැයි පැවසීමට FDA එකඟ වූ සංඛ්‍යාව 164ක් බැවිනි.

ඕනෑම එන්නතක් අවම වශයෙන් සියයට 50 ක්වත් ඵලදායී විය යුතු බව ඒජන්සිය පැහැදිලි කර තිබේ.

(7News) (Image:AP)

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »